සැලසිනෙ රූපවාහිනී ආයතනය

සැලසිනෙ රූපවාහිනී ආයතනය කාර්යක්ෂමතාව, ප්‍රතිචාරාත්මක බව සහ නිර්මාණශීලිත්වය කෙරෙහි අවධානය යොමු කරමින් පැහැදිලි සහ ඉතා ඵලදායී විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඇති රජයේ එකම ප්‍රචාරණ ආයතනයයි.

දැක්ම

රාජ්‍ය යාන්ත‍්‍රණයේ සංවර්ධන හා මෙහෙයුම් සහ සියලු ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයන්හි ප‍්‍රවර්ධනයන් නිර්මාණාත්මකව සන්නිවේදනය කිරීම තුළින් ප‍්‍රචාරණ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වීම.

මෙහෙවර

නිපුණත්වයෙන් හෙබි වඩාත් නිර්මාණශීලී හා දිරිමත් පුද්ගල සහය භාවිතා කරමින් උපක‍්‍රමශීලිත්ව මෙන්ම උසස් තලයේ තාක්‍ෂණය ද නිර්මාණාත්මකව උපයෝගී කරගනිමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා සන්නිවේදන සහ වෙනත් නිර්මාණශීලී ප‍්‍රචාරාත්මක අනගි සේවාවක් සැපයීම තුළින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ දේශපාලන සංවර්ධනය සඳහා සකී‍්‍රයව දායක වීම.

වර්තමානය වන විට “සැලසිනෙ රූපවාහිනී ආයතනය” ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රජය සතු එකම ප්‍රචාරක ආයතනයයි. තවද මුලු මහත් ප්‍රචාරණ ක්‍ෂේත්‍රයම ආවරණය කරමින් මුද්‍රණ ක්‍ෂේත්‍රයේ සිට ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවල වැඩසටහන් සහ දැන්වීම් ප්‍රචාරණය දක්වා සියලුම මාධ්‍යන් ආවරණය කරමින් පෞද්ගලික සහ රාජ්‍ය යන අංශ දෙකටම සේවාවන් සපයමින් ජයග්‍රාහී ගමන් මගකට අවතීර්ණ වි සිටී.

රාජ්‍ය ආයතන සැලසිනෙ රූපවාහිනී ආයතනය සමග ප්‍රචාරණයට සම්බන්ධ කුමන හෝ කටයුත්තක් කිරීමේදී ඔවුන්ට ලැබෙන සුවිශේෂී වාසිය නම් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සැලසිනේ සමග කටයුතු කල හැකි විමයි.

සැලසිනෙ ශක්තිය වූ ඔවුන්

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

අමාත්‍ය
ජනමාධ්‍ය අමාත්‍යංශය

 

අනුෂ පැල්පිට මහතා

(ලේකම්) ජනමාධ්‍ය අමාත්‍යංශය

හරිත් ගුණවර්ධන මහතා

(සභාපති) සැලසිනෙ රූපවාහිනී ආයතනය

සැලසිනෙ ආරම්භය සහ අතීතය

රූපවාහිනී කර්මාන්තය සඳහා අවශ්‍ය වැඩසටහන් නිෂ්පාදනය කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිෂ්පාදන ආයතනය ලෙස 1982 පෙබරවාරි 02 වන දින ප්‍රතිපත්ති සැලසුම් කිරීමෙ අමාත්‍යංශය යටතේ “සැලසිනෙ” රූපවාහිනී ආයතනය ස්ථාපනය කරන ලදී. “සැලසිනෙ” ආයතනයේ නිර්මාතෘවරයා වන්නේ ආචාර්ය වික්‍රම වීරසුරිය මහතායි. විශේෂයෙන්ම මෙම ආයතනයෙහි මූලික අරමුණ වූයේ "මහවැලි කඩිනම් සංවර්ධන වැඩසටහන" පිළිබඳව ජනතාව දැනුවත් කිරීමය. ඉඩම්, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය දැව සංස්ථාව මෙම ප්‍රචාරණ ක්‍රියාවලිය සඳහා මානව හා මූල්ය සම්පත් ලබා දී ඇත. 1988වර්ෂයේදී විශේෂ ගැසට් නිවේදනයක් යටතේ "සැලසිනෙ" ප්‍රතිපත්ති සහ සැලසුම් අමාත්‍යංශය යටතේ දියත් කරන ලද "ජනසවිය" වැඩසටහනේ ප්‍රචාරක කටයුතු ද අත්පත් කර ගෙන ඇත.1994 දී යෞවන කටයුතු, ක්‍රීඩා හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙන ඇති “සැලසිනෙ” ආයතනය ඉන්පසු 1999දී තැපැල්, විදුලි සංදේශ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය. 2001 වර්ෂයේ සිට “සැලසිනෙ” ආයතනය ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ විෂය පථයට පවරා තිබේ. එතෙක් මෙතෙක් ඉතිහාසයේ “ සැලසිනෙ” අභිමානවත් ගමන් මගට දායකත්වය ලබා දුන් ප්‍රමුඛයන් “සැලසිනෙ” ප්‍රෞඩත්වය කියාපානු ලබයි.

ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා

නිර්මාතෘ 1982.02.01

ජී.එච්.කේ. රත්නසිරි මහතා

විධායක අධ්‍යක්ෂ 1982.02.01 – 1986.02.28

දුලාන් ද සිල්වා මහතා

විධායක අධ්‍යක්ෂ 1986.03.01 – 1986.09.30

ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා

විධායක අධ්‍යක්ෂ 1987.12.01 – 1991

බී.කේ. ජයවර්ධන මහතා

විධායක අධ්‍යක්ෂ 1991.11.03 – 1995

නිමල් ඒකනායක මහතා

විධායක අධ්‍යක්ෂ / පාලක මණ්ඩලයේ සභාපති 1995 – 2001 / 202.05.09

විරාජ්ය අබේසිංහ මහතා

විධායක අධ්‍යක්ෂ 2002.05.10 – 2003.05.10

බී.කේ.එස්. මෙන්ඩිස් මහතා

පාලක මණ්ඩල සභාපති 2003-2004

ධර්මසේන පතිරාජ මහතා

විධායක අධ්‍යක්ෂ 2004.05.10 – 2004.08.16

හඩ්සන් සමරසිංහ මහතා

පාලක මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී 2004.05.10 – 2004.08.16

නීරංග හෙට්ටිආරච්චි මහතා

පාලක මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී 2005.11.29 – 2009.05.21

අනුෂ පැල්පිට මහතා

නිසි බලධාරියා 2009.05.22 – 2010.05.09

ප්‍රදීප් එදිරිසිංහ මහතා

සභාපති 2010.05.10 – 2015.01.13

තුසිත ජයවර්ධන මහතා

සභාපති 2015.03.01 – 2017.06.20

ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතා

සභාපති 2017.06.21 – 2018.05.04

අමිල මොරගොඩ

සභාපති

2020.12.17-2021..12.29